මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදයි

Share

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අද(20) යි.

බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

බුදුරජානන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැ දැකීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අදවන් දවසකයි.

ශාක්‍යන්ගේ මානය බිඳ දැමීම, සුද්ධෝදන පියරජු තෙවන වරට සිය පුතුට වන්දනා කිරීම, සුද්ධෝදන රජු මාර්ගඵල ලබා ගැනීම, යශෝධරා දෙවීයගේ ගුණ වර්ණනා කිරීම, රාහුල කුමරු පැවැදි කිරීම වැනි බෞද්ධ ඉතිහාසයේ වැදගත් අවස්ථා කිහිපයක්ම සිද්ධ වූ උතුම් පොහෝ දිනයක් ලෙස මැදින් පුර පසලොස්වක පොහොය දිනය සැලකේ.

Read more

Local News