ලංකාවේ මානව හිමිකම් ගැන වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයට

Share

ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්දයෙන් සකස්කරන ලද වාර්තාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය මඟින් මානව හිමිකම් කවුන්සලයේ 40 වන සැසිවාරයට අද(20) ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

අදාළ වාර්තාව එක්සත් ජාතින්ගේ මහා කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය විසින් ඉදිරිපත් කිරිමට නියමිත අතර ඉන් අනතුරුව ඇය ශ‍්‍රි ලංකාව සම්බන්දයෙන් කරුණු දැක්විමට ද නියමිතයි.

එම වාර්තාව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින් සැසිවාරයට සහභාගි වු විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුලූ දුත පිරිස අදාළ වාර්තාව සම්බන්දයෙන් කරුණු දැක්විමට නියමිතව තිබේ.

Read more

Local News