ගංජා හේනක් වටලයි

Share

කොස්ලන්ද මහගලලන්ද නැව්ආර රක්ෂිතයේ පවත්වාගෙන ගිය අක්කර භාගයක පමණ ගංජා හේනක් අද(20) උදෑසන වටලා එහි සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි අඩි හයක් පමණ උසට වැවී තිබූ ගංජා ගස් 3120ක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පුද්ගලයෙකි.

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගංජා ගස් දහයක් සමඟ මෙම පුද්ගලයා පොලීසියට රැගෙනවිත් ඇති අතර ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කර ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොස්ලන්ද පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News