ධීවර ප්‍රජාව ආර්ථිකයෙන්, තාක්ෂණයෙන් ශක්තිමත් කළ යුතුයි

Share

ධීවර ප්‍රජාව ආර්ථික වශයෙන් මෙන් ම තාක්ෂණයෙන් ශක්තිමත් කළ යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා අද(22) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

ධීවර ජනතාවට තාක්ෂණය හා එය භාවිතා කරන ආකාරය පිළිබඳව හඳුන්වා දිය යුතුයි. වත්මන් රජය ධීවර කර්මාන්තය නඟාසිටුවීමට විශාල වැඩකොටසක් සිදු කළා. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට රජය කටයුතු  කළා. සියයට 14% වර්ධනයක් දැන් ඇති වී තිබෙනවා. ඇ.ඩොලර් මිලියන 290 විශාල මුදලක් ධීවර කර්මාන්තයෙන් ලැබී තිබෙනවා. ධීවර කර්මාන්තය තුළ විශාල පිරිසක් ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිත උසස් මට්ටමකට ගෙන ඒමට කටයුතු කල යුතුයි. මුහුදු සීමා නිරීක්ෂණය තුළින් හඳුනගත් ගැටළු විසඳාගැනීමට කටයුතු කිරීමෙන් ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටළු විසඳාගැනීමට හැකියාව ලැබෙනවා. ධීවර ආම්පන්න, බෝට්ටු සහනදායි මිලකට ධීවර ලබාදීම රජය විසින් ලබාදෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News