ලක්දිව ඒකල ඉංජිනේරු සමාගමෙන් නව මාදිලියේ බස් රථයක්

Share

ලක්දිව ඒකල ඉංජිනේරු සමාගම නව මාදිලියේ බස්රථයක් අද(22) හඳුන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතීතයේ භාවිත කළ බස්රථ ආකෘතියට අනුව එම බස්රථය නිපදවා තිබේ. ඒ නවින පහසුකම්ද ඊට එක් කරමිනි.

සාමාන්‍ය බස් රථයක් නිපැදවීමට යන මුදලට වඩා සියයට තිහක අඩු පිරිවැයකින් එම මාදිලියේ බස්රථයක් නිපැදවීමට හැකි වීමද විශේෂත්වයකි.

1987 වසරේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල අනන්‍යතාව වූ බස්රථ බදෙහි නිල් පටියද මෙම නව මාදිලියේ බස්රථයට යොදා තිබේ.

අද එම නවමාදිලියේ බස්රථය හඳුන්වා දුන්නේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

උත්සවයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ.

එහිදී එම උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ලක්දිව ඉංජිනේරු සමාගමට අලුත් ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දීමටද කටයුතු කරමින් සිටින බවයි.

Read more

Local News