ගුවන් සේවයට වසර 36 ක් පිරිම නිමිත්තෙන් පිරිත් පිංකමක්

Share

ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමට වසර 36 වසරක් සපිරීමනිමිත්තෙන් හා ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ජාතික කාර්යයට සමගාමීව ගුවන්තොටුපල හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමේ බෟෙද්ධ සංගමය විසින් සංවීධානය කරනු ලැබු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව, පසුගිය මාර්තු 22 වන දින පවත්වනු ලැබීණි.

එහිදී ගෞරවණිය මහා සංඝරත්නය 36 නමක් විෂයෙහි හීල් දානය සහ දහවල් දානය පිරිනැමීම සිදු කෙරුණු අතර ගුවන්තොටුපළ පැමිණිමේ පර්යන්තයේ දී මෙම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන සහ ගුවන් සේවා  අමාත්‍ය  අර්ජුන රණතුංග , රාජ්‍ය අමාත්‍ය  අශෝක් අබේසිංහ  මෙන්ම  ගුවන්තොටුපල හා ගුවන්සේවා සභාපති ධම්මක රණතුංග මහතා , ගුවන්තොටුපල හා ගුවන්සේවා උප සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතා , සංජිව විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

 

Read more

Local News