මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙසරීස් සමාගමේ සභාපති ජෙෆරි ඇලෝසියස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මෙම වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.
නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා පර්පචුවල් ට්‍රෙෂරිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් අයතනයේ අධ්‍යක්ෂකවරුවන්වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන , චිත්‍රා රංජන් හුලුගල්ල , මුතුරාජ සුරේන්ද්‍රන් යන අයයි.
මෙම සිව්දෙනා ඔවුන්ගේ නිවසසේදි අද උදැසන අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන් වේ.




 
                                    