දෙමල සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය දුන් හේතු මෙන්න

Share

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ඒම වලක්වා ගැනීම සඳහා මෙවර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කරන බව දෙමල ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විමේ සිහිනය අතහැර දමා ගත යුතු බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක්ලක්ෂ හතලිස්දහසකට අසන්න තම ජනතාව ඝාතනය කළ බවට මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේය.

Read more

Local News