බෝයිං 737 මැක්ස් ගුවන් යානා සඳහා නව මෘදුකාංග පද්ධතියක් යෙදීමට පියවර

Share

බෝයිං 737 මැක්ස් ගුවන් යානා සඳහා නව මෘදුකාංග පද්ධතියක් යෙදීමට බෝයිං සමාගම පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි.

පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවූ ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසුව එම වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම අත්හිටවනු ලැබුවේය.

මෘදුකාංග යාවත්කාලීන කිරීමක් මඟින් බෝයිං 737 මැක්ස් ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය සීමා විය හැකි බව ගුවන් අනතුර සම්බන්ධයෙන් පළවූ වාර්තා මගින් තහවුරු වී තිබේ.

ඉන්දුනීසියාවේදී මුහුදට කඩා වැටුණු ලයන් එයාර් 737 මැක්ස් ගුවන් යානයේ ද භාවිත වී ඇත්තේ එම මෘදුකාංගය යි.

ගුවන් නියමුවන්ට පරිගණක පදනම් වූ පුහුණුවක් ලබා දීමට ද බෝයිං සමාගම පියවර ගනු ඇත.

කෙසේ වෙතත් 737 මැක්ස් ගුවන් යානා තවත් කෙතරම් කාලයක් තහනම් කර තිබේ ද යන්න පැහැදිලි නැති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ

Read more

Local News