කාසල්රි ජලාශයට ඉස්සන් පැටවුන් ලක්ෂයක් මුදා හැරේ

Share

ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් කාසල්රි ජලාශයට ඉස්සන් පැටවුන්(මිරිදිය) ලක්ෂයක් (පසු කිටයන්) අද(28) මුදා හරිනු ලැබීය.

ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් විසින් හම්බන්තොට කහදමෝදර මිරිදිය මත්ස්‍යය අභිජනනය මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ඉස්සන් පසුකිටයනුයි මෙසේ ජලාශයට මුදා හරිනු ලැබුවේ.

ජලාශයට මුදා හැරි ඉස්සන් පැටවුන් වර්ෂයක් වැනි කෙටි කාලයක් තුල ග්‍රෑම් 700 පමණ බරකට වැඩෙන බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටියේ.

කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ අදායම් තත්ත්වය ඉහල දැමිමටත්, වතු කම්කරුවනගේ පෝෂණ තත්ත්වට ඉහල දැමිමටත්, වතු කම්කරුවන්ට අඩු මිලට ඉස්සන් ලබාදිමේ අරමුණින් මෙසේ කාසල්රි ජලාශයට ඉස්සන් පැටවුන් මුදා හැරි බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටියේ.

කාසල්රි ජලාශයේ ධිවරයන් විසින් නෙලා ගන්නා ඉස්සන් සඳහා කාසල්රි ජලාශය අවට සංචාරක නිකේතන වලින් හොඳ ඉල්ලුමක් තිබෙන බවයි කාසල්රි ජලාශයේ ධිවරයන් කියා සිටියේ.

Read more

Local News