උතුරු පළාත් බොදු සමුළුව හෙට

Share

උතුරු පළාත් බොදු සමුළුව හෙට(29) වන දින වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී පැවැත්වීමට නියමිතයි.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වවුනියාව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ  සභාපති පූජ්‍ය සියඹලාගස්වැව විමල සාරස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ හා උතුරු පළාත්ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බොදු සමුළුව හෙට සිදුකිරීමට නියමිතය.

ඉතිහාසයේ පළමු වතාවට පවත්වනු ලබන උතුරු පළාත් බොදු සමුළුව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් මත සිදුකරනු ලබයි.

මෙම බොදු සමුළුව උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන්, බුද්ධ ශාසනඅමාත්‍යාංශයේ, ප්‍රදේශයේ දේශපාලන නායකයින්ගේ, ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදුකරනු ලබයි.

වවුනියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී උදෑසන 8.15ට ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව විවිධ සංස්කෘතික අංගයන් ගෙන් සමන් විත වන පෙරහැරකින් ස්වාමින් වහන්සේලා ප්‍රධාන ශාලාව වෙත වැඩම කරවා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින්ගේද ආශිර්වාදය ලබාදී මෙම උතුරු පළාත්බොදු සමුළුව ආරම්භ කිරීමට නියමිතයි.

යුද්ධයෙන් මියගිය සියලූම ජනතාව සිහිකර පිං පැමිණ වීම ද මෙහිදී සිදුකරනු ලබයි.

Read more

Local News