සරම්ප නිසා නිව්යෝර්ක් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක්

Share

සරම්ප රෝගය හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

විවිධ ආගමික හා දාර්ශනික හේතූන් මත ඇතැම් දෙමව්පියන් සිය දරුවන්ට එන්නත් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබීම රෝගය රට පුරා පැතිරයාමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය තුළ සරම්ප රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

උතුරුදිග නිව්යෝර්ක්හි රෝගය වැළඳුණු පුද්ගලයින් 153 දෙනෙකු පිළිබඳව වාර්තා වී ඇති අතර ඊට ගොදුරු වූ බහුතරයක් ළමුන් වීම විශේෂත්වයකි.

මේ හේතුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ රොක්ලන්ඩ් ප්‍රදේශය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එහි බලධාරීන් පියවර ගත්තේය.

ඒ දශක කිහිපයකින් ප්‍රාන්තය මුහුණ දෙන දරුණුම වසංගතය මාරාන්තික රෝගයක් බවට පත්වීම වැළැක්වීමේ පියවරක් ලෙසටයි.

Read more

Local News