අදත් අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට

Share

අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවදාය අද(29) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර අමාත්‍යාංශ දෙකක වැය ශිර්ෂ කිහිපයක් ඊයේ(28) පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුණි.

අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂ කිහිපයක් සහ මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශිර්ෂ දෙක සඳහා ඊයේ ඡන්ද විමසීමක් සිදු කෙරුණි.

වැය ශිර්ෂ 155,226,227,254 සිට 259 දක්වා වැය ශිර්ෂ සංශෝධන රහිතව සම්මත වු අතර 260 වන වැයශීර්ෂය ආරම්භයේදි බෙදීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 20ක් සහ විරුද්ධව ඡන්ද 38ක් ලැබුණි.

ඒ අනුව එම අමාත්‍යංශයට අයත් සෙසු වැයශිර්ෂ සඳහා ද විපක්ෂයේ ඉල්ලීම මත ඡන්ද විමසීමක් සිදුකෙරුණු අතර 261 සිට 279 දක්වාත් 312 සිට 319 දක්වාත් 321 වැයශිර්ෂයත් පරාජයට පත්ව තිබේ.

අනතුරුව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැයශිර්ෂ 162 සහ 311ද වැඩි ඡන්ද 14කින් පරාජයට පත් වුණි.

Read more

Local News