යතුරුපැදියක ගැටී කතක් මරුට

Share

හලාවත පුත්තලම මාර්ගයේ වට්ටක්කුලිය ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් ඊයේ (28) දින පදික කාන්තාවක් මිය ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටී ඇති කාන්තාව බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 62ක් වයසැති කාන්තාවකි.

මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද(29) දින පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති බවටයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු හලාවත පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read more

Local News