ප්‍රියංකරගේ නඩුවත් ජූනි මස කැඳවයි

Share

රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ ඔහුගේ පුද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති පැමිණිල්ල ජූනි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර ඇත.

මෙම පැමිණිල්ල අද(29) කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවය.

ඒ අනුව නඩුව නැවත ජුනි මස 28 වනදා කැදවීමට නියම කර ඇත.

සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සම්බන්ධීකරණ සහකාර තනතුර සඳහා සිය පුද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ නමැත්තා පත් කරන ලෙස එම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ සහ ඔහුගේ පුද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ යන අයට එරෙහිව  මෙම නඩුව ගොනු කර ඇත.

Read more

Local News