නිතී වීරෝධිව ධීවර කටයුතුවල නිරත 2ක් අත්අඩංගුවට

Share

කල්පිටිය, බත්තලංගුඩුව මුහුදු ප්‍රදේශයේ දී වලංගු බලපත්‍ර නොමැතිව ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදුකළ මුර සංචාරයකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් 38 සහ 42 හැවිරිදි වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්ෂණ කාර්යාලය වෙත බාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.

Read more

Local News