වේගෙන් ආ යතුරුපැදිය කණුවක ගැටී අනතුරක්

Share

දඹුල්ල පොලිස් වසමේ ඉබ්බන්කටුව ජලාශ මාර්ගයේදී ගල්කිරියාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුවී තිබේ.

මෙම අනතුරින් වයස අවුරුදු 37ක් වූ යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෘත ශරීරය දඹුල්ල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු දඹුල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read more

Local News