ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙක් මාට්ටු

Share

නිට්ටඹුව පොලිස් වසමේ එල්ලක්කල, මීටිවිය ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු මීටිවිය, එල්ලක්කල ලිපිනයේ පදිංචි වසස අවුරුදු 24ක් වූ අයෙකි.

සැකකරු අද(30) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නිට්ටඹුව පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Read more

Local News