මහා සංඝරත්නය විසින් පෙරමුණ ගත යුතු කරුණක් ගැන ජනපති කියයි

Share

අතීතයේ මෙන්ම වර්තමානයේ ද යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ පෙරමුණ මහා සංඝරත්නය විසින් ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ කාර්යය මෙන්ම යහපත් සමාජ හර පද්ධතීන් රැකගනිමින් ඒවා පෝෂණය කිරීම වෙනුවෙන් කැපවුයේ ද මහා සංඝරත්නය බවය.

බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පුජ්‍ය කුරුකුදේගම ජිනානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් බණ්ඩාරවෙල කුරුකුදේගම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News