බංගදෙනිය ප්‍රදේශයේ සිදුවු අනතුරකින් 12කට තුවාල

Share

හලාවත බංගදෙනිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් මගීන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පිටුපස එම දෙසටම ධාවනය වූ පුද්ගලික බස් රථයක් ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරෙන් ලංගම බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු සහ පුද්ගලික බස් රථයේ ගමන් ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් පුද්ගලික බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News