15 වනදා නිවාඩු දිනයක් වෙයි

Share

අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර 13 වන දින හා 14 වන දින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති අතර, 15 වන සඳුදා දිනය වෙළඳ නිවාඩුවක් ලෙස පමණක් පැවතුණි.

15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරීමට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙම අනුමැතිය සමඟ එය රජයේ නිවාඩු දිනයක් බවට පත්ව ඇත.

Read more

Local News