මැකොගෙන් ජනපතිට ඉල්ලීමක්

Share

ඡන්ද විමසීමට අදාළව බල පවත්නා නීතිය කුමක්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් සිදුකරන ලෙස මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මාතර නගරයේ පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

මේ දිනවල අධිකරණය ඉදිරියේ මේ සම්බන්ධයෙන් නඩු දෙකක් විභාග වන බවත්, තවත් නඩුවක් දැමීමට නියමිත බව දැන ගැනීමට ලැබී ඇති බව ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා හා සභා නායකවරයා දැනුවත් කර ඇති බවත්,  ඡන්ද අයිතිය ප්‍රමාද කිරීම ජනතා අයිතිය පැහැර ගැනීමක් බව තමා අධිකරණයට කියා සිටින බවත් සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකට වසරක් පුරා ඡන්ද විමසීමක් පැවැත් වීමට දැනුම් දී ඇති නමුත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා හෙයින් පැමිණිකරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දක්වන්නේ නැති බව අධිකරණයට දැනුම් දුන් බව ද සභාපතිවරයා කියා සිටියේය.

Read more

Local News