ජල මුලාශ සිඳී යාම නිසා හැටන් ප්‍රදේශයේ උග්‍ර පානිය ජල ගැටළුවක් – ඡායාරූප

Share

හැටන් ප්‍රදේශයේ කදු ආශ්‍රිත පිහිටි ප්‍රධාන රක්ෂිතවලට ගිනි තැබිම හේතුවෙන් ජල මුලාශ සිදී යාම නිසා හැටන් ප්‍රදේශයට උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වි ඇත.

ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවහන මණ්ඩලයේ හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මගින් ජල ටැංකි වෙත ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්නා සිංගිමලේ පිහිටි වේල්ලේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල වැටිම නිසා පානිය ජල ගැටළුව මතු වි ඇත.

හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මගින් හැටන් ප්‍රදේශයේ පන්දහසකට ආසන්න ජල පාරිභෝගිකයන්ට පානිය ජලය බෙදා හැරිම සඳහා සිංගිමලේ පිහිටි වේල්ලෙන් සහ ඔටරි වතු යාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් හරස් කරමින් ජලය ජල ටැංකි වෙත පොම්ප කර පිරිපහදු කර බෙදා හරිනු ලබයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් ජල මුලාශ පිහිටි රක්ෂිත වලට ගිනි තැබිම් නිසාත් ජල මුලාශ සිදියාම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයේ ජල ටැංකි වෙත පොම්ප කිරිමට තරම් ප්‍රමාණවත් ජලය නොමැති නිසා දින දෙකකට වරක් පැය දෙකක කාලයක් කාලසටහනක් අනුව ජල සම්පාදන මණ්ඩලය මගින් ජලය බෙදා හරින බවයි එහි නිලධාරියෙකු කියා සිටියේ.

එසේ බෙදා හරින පානිය ජලය ප්‍රමාණවත් නොවිම නිසා හැටන් ප්‍රදේශයේ ජනතාව උග්‍ර පානිය ජල ගටළුවකට මුහුණ දි ඇති අතර, ආර්ථික පහසුකම් ඇති අය ලොරි රථ මගින් වෙනත් ප්‍රදේශවලට ගොස් ටැංකි මත පුරවා ජලය රැගෙන එනු ලබයි.

හැටන් ප්‍රදේශවාසින් කියා සිටින්නේ දැනට ජල සම්පාදන මණ්ඩලය මගින් කාලසටහනක් අනුව බෙදා හරින ජලය දෛනික අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් නොවිම නිසා බවුසර් රථ යොදාගෙන වෙනත් ප්‍රදේශවලින් ජලය රැගෙන විත් තමන් බෙදා හරින ලෙසයි.

පවතින වියළි කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හොත් දැනට හැටන් ප්‍රදේශයේ බෙදා හරින පානිය ජලය තවත් සිමා කිරිමට සිදු වන නිසා දැනට බෙදා හරින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News