වර්ෂාවන් හේතුවෙන් යාපනයේ පවුල් 2518ක් විපතට

Share

මේ දිනවල උතුරු පළාතට ඇදහැල‍ෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් යාපනයේ පමණක් පවුල් 2518 කට අයත් පුද්ගලයින් 9141 දෙනෙකු විපතට පත් වී ඇත.

වර්ෂාව හේතුවෙන් යාපනයේ නිවාස 04 කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 159 කට අර්ධ හානි සිදුව ඇත.

යාපනයේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය මරදන්කේනි වන අතර එහි පවුල් 643 ක් විපතට පත්ව ඇති බව ද සදහන්.

Read more

Local News