බගවන්තලාව විදුහලක ඉඩමක ගින්නක් – ගින්නෙන් අක්කර 5ක් විනාශයි

Share

බගවන්තලාව සෙන්මේරිස් දමිල විදුහලට අයත් ඉඩමක අද(05) උදැසන හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර 5 ගිනිගෙන විනාශ වි ඇති බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය.

පාසලේ ගොඩනැගිවලට ඉහලින් පිහිටි ඉලුක් සහිත ඉඩමේ අද උදැසන 10.30 ට පමණ මෙම ගින්න හටගත් බවයි විදුහල්පතිවරයා පැවසුවේ.

පාසලට අයත් අක්කර 10 පමණ වු ඉඩමේ පැතිර යමින් තිබු ගින්න පාසල් ළමුන් සහ ආචාර්යය මණ්ඩලය එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.

ගින්නෙන් පාසලේ ගොඩනැගිලිවලට කිසිදු හානියක් සිදු නොමැති බවද විදුහල්පතිවරයා පැවසිය.

Read more

Local News