“ලක්සෙත සෙවණ” මහල් නිවාස සංකීර්ණය අද ජනතා අයිතියට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණු පෙරදැරිව මාලිගාවත්ත හි ඉදිකරන ලද “ලක්සෙත සෙවණ” මහල් නිවාස සංකීර්ණය අද (13) ජනතා අයිතියට පත් කෙරේ.
නිවාස ඒකක 480කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 21,600තක් වැය කොට ඇත.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවමී මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබේ.

Read more

Local News