හානිපූර්ණය සඳහා වන කාර්යාලය වැඩ ආරම්භ කරයි

Share

හානිපූර්ණය සඳහා වන කාර්යාලය සිය කටයුතු ආරම්භ කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම කාර්යාලය සඳහා කොමසාරිස්වරුන් පත් කිරිමත් සමඟ එය ක්‍රියාත්මක බව සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

හානිපූර්ණය සඳහා යෝග්‍ය තැනැත්තන් හඳුනාගැනීම සහ ඔවුන්ට තනි සහ සාමූහික හානිපූර්ණයන් ලබාදීම මෙම කාර්යාලයේ ප්‍රධාන කාර්යය වෙයි.

හානිපූර්ණය සඳහා වන කාර්යාලය ධාරා විජයතිලක මහත්මියගේ සභාපතිත්වයෙන් යුතුව කටයුතු ආරම්භ කර ඇති බව සඳහන්ය.

2019 අයවැය මඟින් හානිපූර්ණය සඳහා වන කාර්යාලය සඳහා රුපියල් කෝටි 70ක් වෙන්කර ඇත.

Read more

Local News