පොහොට්ටුවෙන් පොඩි මිනිසෙකුට අපේක්ෂකත්වය ලබා ගන්න බෑ

Share

පසුගිය පාලන සමයේදී පාලකයින්ට හා ඔවුන්ගේ පවුල් පරපුරට එතෙර වීමට හැකි පාලම් ඉදිකර ගත් බවත්, අද යහපාලන රජය පාලම් ඉදි කරන්නේ මහ පොළොවේ පය ගසා ජීවත්වන අසරණ පොඩි මිනිසා වෙනුවෙන් බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියි.

රටේ පොඩි මිනිසා වෙනුවෙන් අප ඉදිකරන පාලම් තුළින් ගොවි ජනතාවගේ කෘෂි කාර්මික ක්‍රියාදාමයද ශක්තිමත් වී එය ව්‍යාප්ත වන බවත්, ඒ හරහා ඔවුන්ට මුදල් සම්භාරයක් හිමිවීම නිසා ජන ජීවිතයද ශක්තිමත් බව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ විරුද්ධවාදීන් අපේක්ෂකයින් තෝරනුයේ තම පවුලේ අයගේ අනාගතය සුරක්ෂා කිරීමට බව පැවසූ අමාත්‍යවරයා, පොහොට්ටුවෙන් පොඩි මිනිසෙකුට අපේක්ෂකත්වය ලබා ගන්නට නොහැකි බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස අමත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්තත්‍රික්කයේ ක්‍රියාත්මක ‘සැමට සහන’ වැඩසටහන යටතේ ලුණුගම්වෙහෙර, දකුණු ඉවුර, කුඩා ගම්මාන 06, DC 05 බෙදුම් ඇළ හරහා ඉදිකෙරෙන ග්‍රාමීය පාලම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවටඅද (07) දින සහභාගී වෙමිණි.

Read more

Local News