නුවරඑලිය හිටපු නගරාධිපති නිදොස් කොට නිදහස් කෙරේ

Share

නුවරඑලිය මහ නගර සභාව මගින් දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන නගරාධිපති අරමුදලට මුදල් බැර කිරිම අල්ලස් පනතට අදාල නොවන නිසා එම මහ නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නිදොස් කොට නිදහස් කර ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අංක 1 අධිකරණයේදි ඉකුත් 5 වෙනිදා මහින්ද දොඩම්පේගමගේ මහතාට එරෙහිව අල්ලස් සහ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව මගින් 2018.08 බි/94303/01/18 යටතේ පනවා තිබු නඩුවක් විභාගයට ගැනිණ.

හිටපු නගරාධිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි නිතිඥය විජේදාස රාජපක්ෂ මහතා, නෙවිල් අබේරත්න, ප්‍රදිප් ගමගේ, ගාමිණි සේනානයක යන නිතිඥවරුන් විසින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම ගිණුම 1953 වසරේ සිට පැවත එන ගිණුමක් බවත්, එය ආරම්භ කර ඇත්තේ නගර සභාවේ නාගරික ජනතාවගේ පොදු කටයුතු, සමාජ සේවා, විනෝද උත්සව කටයුතු කරගෙන යාමට අවස්තාව සැලසෙන අයුරු බවත්, එය හිටපු නගරාධිපතිවරයාගේ පෞද්ගලික ගිණුමක හෝ පෞද්ගලික පරිහරණය කටයතු සදහා නොවන බැවින් මෙය අල්ලස් පනතට අදාල නොවන නිසා මෙම පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන ලෙසය.

දෙපාර්ශවයම කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හිටපු නගරාධිපදි මහින්ද දොඩම්පේගමගේ මහතාව සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර නඩුව නිෂ්ප්‍රභා කර ඇත.

මෙම නඩු තින්දුව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක් වු හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටියේ තමන් නගරාධිපති තනතුර දැරු කාලය තුළ නගර සභාවෙන් කිසිදු වැටුපකි හෝ වරප්‍රසාදයක් ලබා නොගත් අයෙකු බවයි.

හිටපු අනෙකුත් නගරාධිපතිවරුන් වසන්ත උත්සව සමය වෙනුවෙන් නගර සභාවේ මුදල් පරිහරණය කලද තමන් සභාපති ධුරට දැරු කාලයේ සභාවේ කිසිදු මුදලක් වසන්ත උත්සවය වෙනුවෙන් වැය නොකල බවත්,වසන්ත උත්සව සමය සදහා නුවරඑලියට පැමිණෙන අනුග්‍රහකයින් ලබාදෙන මුදල් වලින් වසන්ත උත්සව සමය සාර්ථකව පවත්වා නගර සභාවට අදායම දහගුණයකින් වැඩි කිරිමට කැප වි කටයුතු කල බවයි.

නුවරඑලිය මහ නගර සභා සිමාවේ බදු මුදල් වැඩ නොකර එම ජනතාවට වැඩි පහසුකම් ලබා දිමට තමන් කටයුතු කළ බවද හිටපු නගරාධිපති මහින්ද දොඩම්පගේගමගේ මහතා කියා සිටියා.

Read more

Local News