මේ අයවැය තරුණයන්ට අතදෙන අයවැයක් – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Share

අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක්වු සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ,

නීල හරිත අයවැයේ වැදගත් සාධකය තමයි දසක ගණනකාවක් පුරා පහළ ගිය රාජ්‍ය ආදායම 41%ක් වැඩි කරගෙන තිබීම. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික ආදයම සියයට 8%ක්. නිදහස ලැබෙනකොට අපේ රාට් මුදල් අතිරික්තියක් තිබුණා. නමුත් අද දේශපාලන පක්ෂ ගණනාවක් රට පාලනය කරලා බිලියන හත්දාහක් ණයයි.

මෙයට රට පලනය කළ සෑම පක්ෂයක් ම වගකියන්න ඕන. බිලියන 400ක පාඩුවක් යුද්ධය නිසා රටට සිදු වී තිබෙනවා. ප්‍රමාද වී හෝ මේ ප්‍රශ්නය අප විසඳන්න ඕන. ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක් පාඩුවෙල තිබෙනවා. ප්‍රමාද වෙලා හරි යුද්ධය අවසන් වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක කමිටුවට මේ ප්‍රශ්නය විසඳාගන්න හැකියාව ලැබෙයි.

මේ අයවැය තරුණයන්ට අතදෙන අයවැයක්.කුණ්ඩසලේ අයි.ටි. ආයතන පිහිටුවනවා. අපේ රටේ දැනුම තිබෙන හැකියාව තිබෙන, තාක්ෂණික දැනුම තිබෙන තරුණ පරම්පරවක් අවශ්‍යයි.දේශීය ව්‍යවසායන් ගෝලීය ව්‍යවසායකයන් බවට පත් කෙරෙන යෝජන ඉදිරිපත් කර තිබෙනවා. දුප්පත්කම දුරලීම සඳහා විවිධ පියවර ගෙන තිබෙනවා. උතුරේ ජනකොටස් වෙත විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News