පලාත් සභා මැතිවරණයක් නැවත අවශ්‍ය නෑ

Share

මෙරට පළාත් සභා නවයෙන් හතක්ම අක්‍රීය වී ඇති පසුබිමක වුවත් පළාත් පාලන කටයුතු කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම හේතුවෙන් පලාත් සභා මැතිවරණයක් නැවත පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආචාර්යය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.

ඉතාලියේ හෙළදිව තක්සලාව නම් පාසල විසින් ක්‍රියාත්මක කරන අසරණ සරණ පදනමේ ධන පරිත්‍යාගයෙන් ඇඹිලිපිටිය ගුරුආර ප්‍රදේශයේ පවුලක් වෙනුවෙන් ඉදිකල නිවසක් භාර දිමේ අවස්ථාවට ඵක්වෙමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

පළාත් සභාව තුළ 450 ක් මන්ත්‍රීවරු සිටින බවත්, අවුරුද්දකට ඔවුන් නඩත්තු කිරීමට රුපියල් කෝටි 225කට වැඩි ප්‍රමාණයක් වියදම් වන බවද උන් වහන්සේ පවසයි.

එපමණක් නොව ඔවුන්ගේ භාහිර පහසුකම් හා සංවර්ධන කටයුතුවලින් ලැබෙන කොමිස් ඇතුළු සියලු දේ සඳහා වසරකට රුපියල් කෝටි 500කට අධික මුදලක් වැය වන බව ද සෝභිත හිමියන් සඳහන් කරයි.

මෙවැනි ජාතික ධනයක් වැය කිරීම තුළින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, පළාත් සභා 7ක් අක්‍රීය ඇමතිලාට කිසිදු ප්‍රශ්නයක් නොමැති  බවත් මෙවැනි තත්ත්වයක් තුළ පළාත් සභා අනවශ්‍ය අංගයක් වී ඇති බව පෙනී යන බවත් උන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කළේය.

මෙය ඉන්දියානු රජයේ බලපෑම මත අපට පැටවුණු බරක් බවත්, මෙය ත්‍රස්ථවාදයට විසඳුමක් ලෙස බාරගත් අතර, අද වන විට ත්‍රස්ථවාදය විසඳි අවසන්  බැවින් මෙය වහාම කපා හැරිය යුතු  බව ද සෝභිත හිමියන් අවධාරණය කරයි.

Read more

Local News