ඉන්දීය මහ මැතිවරණය අද ඇරඹේ

Share

ලොව සුවිශාලතම ජන්ද විමසීම ඉන්දීයාවේදී අද(11) ඇරඹෙයි.

එය ලෝක ඉතිහාසයේ සිදුවන සුවිශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ලෙස ද සැලකේ.

අද ආරම්භ වන මහ මැතිවරණය මැයි 19 වැනිදා දක්වා සති හයක කාලයක් පැවැත්වේ. එම සති 06 තුළදී සියලූ ප්‍රාන්ත කොටස් 07 කට ඛෙදා අදියර 07 ක් යටතේ ජන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

මැතිවරණයේ පළමු අදියර යටතේ අද අන්ද්‍රා ප්‍රදේශ් අරුනාචර් බිහාර් ජම්මු කාශ්මීර් මහාරාශ්ඨ මනිපූර් තෙලගනා උත්ත්ර ප්‍රදේශ් බටහිර ඛෙංගාලය වැනි ප්‍රදේශ වල ජන්ද විමසීම ආරම්භ කිරීමට නියමිතයි.

මිලියන 900ක් හෙවත් ලෝක ජනගහනයෙන් 10%ක් ජන්දය දීමට සුදුසුකම් ලබා ඇති බවට ඇස්තමේන්තුගත කර තිබේ.

එම ප්‍රමාණය දෙවන විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා සිව් ගුණයකට ආසන්නය.

මෙවර පැවැත්වෙන මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කර ගන්නා සේ ම හින්දු ජාතිකවාදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි තවත් වසර පහක් ඉන්දියාව පාලනය කරන්නේ ද යන්න තීරණය කෙරෙනු ඇත.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඉන්දීය කොංග්‍රසය නියෝජනය කරන රාහුල් ගාන්ධිය.

කුමන පක්ෂය ජයග්‍රහණය කළ ද එමගින් ලොව විශාල ම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයේ බලය ඔවුන්ට හිමි වනු ඇත.

Read more

Local News