බීමත් රියැදුරන් සොයා නුවරඑළියේ පොලීසිය අඛණ්ඩ මෙහෙයුම්

Share

උත්සව සමයේ මත්පැන් පානය කර රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොලිසියේ රථවාහන අංශය විශේෂ වැටලිම් දිවා රාත්‍රියේ ක්‍රියාත්මක කර තිබේ.

විශේෂයෙන් උත්සව සමයේදී දෙස් විදේස් සංචාරකයින් කඳුකරයේ සුන්දරත්වය විඳිමින් සිංහල දෙමළ අවුරුදු සමරමින් විනෝද වීම සඳහා පැමිණෙති.

දහස් ගනන් පැමිණෙන එම පිරිස් කඳුකරයේ වංගු හා ප්‍රපාත සහිත මාර්ගවල රිය ධාවනය කිරිමේදි අධික වේගය හා අපරික්ෂාරී බව නිසා බොහෝවිට අනතුරු වලට පත්වේ.

එවන් අවස්ථා වලදී ජීවිත අහිමිවීම්ද වාර්තා වී තිබේ. අනතරට පත්වු එම වාහන අතර බහුතරයක් රියදුරත් බීමත්ව සිටි බව පසුව පරික්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයී.

එම නිසා සංචාරය සඳහා පැමිණෙන ජනතාවගේ හා පදිකයින්ගේ ජිවිත ආරක්ෂාව මෙන්ම දේපලවල ආරක්ෂාව වෙනුවෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ලංකාව පුරාම සිදුකෙරෙන වැටලීම් වලට සමගාමිව අවුරුදු සමය ලබන 20 වනදා දක්වාම තුරුම ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට එරෙහිව දැඩිලෙස නිතිය ක්‍රියාත්මක කිරිමට පිටවර ගන්නා බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

Read more

Local News