මුදල් පාලනය අමතක කරනවා නම් රටකට එහි විපාක විඳීමට සිදුවෙනවා – අගමැති

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තු සංකීරණයේ  පැවැති 2015 මූල්‍ය වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවෙමින් සහ කාර්යසාධනය පිළිබඳව සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානෝත්වයට සහභාගීවෙමින් පැවසුවේ,

රාජ්‍ය ගිණුම්කාරකසභාවේ සභාපතිතුමාට ප්‍රසංශා කරනවා. මෙය ඓතිහාසික අවස්ථාවක්. පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය ශක්තිමත් කරන කතානායකතුමාටත් ස්තූතිය පළ කරනවා. පාර්ලිමේන්තුවට ප්‍රධාන කාර්යය තුනක් තිබෙනවා. එකක් නීති සම්පාදනය, විධායකයට විශ්වාසය පළ කිරීම සහ මූල්‍ය පාලනය කිරීම. මුදල් පාලනය කරන්නේ මේ කොමිටි මාර්ගයෙන්. රජයේ මුදල් පාලනය අමතක කරනවා, නම් රටකට එහි විපාක විඳීමට සිදු වෙනවා.

එදා පාර්ලිමේන්තුවේ මුදල් පාලනය අඩු වුණා. පිරිහුණා. පසුගිය වසර පහ හය තුළ කඩා වැටුණා. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ පාර්ලිමේන්තුවේ මුදල් බලය යළි තහවුරු කරනවා කියල අප ප්‍රකාශ කළා. අලුත් පාර්ලිමේන්තුව ආවට පස්සෙ අතිගරු ජනාධිපතිතුමා සමඟ ඒ කටයුත්ත අප ආරම්භ කළා.

මුදල් නීත්‍යාණූකූලව වියදම් කිරීම යහපාලනයේ කොටසක්. වර්තමානයේ එය පාලනය කිරීම අපේ කොටසක්. අප දකිනවා සමහර ව්‍යාපෘතිවලට ගෙවා තියෙන මුදල තුන්ගුණයක් විතර වටිනවා. ශ්‍රී ලංකන් ගුවන්සේවය ණය අරන් තියෙනවා, තියෙන ණය මුදල ඩොලර් කෝටි 74ක්. කෝටි 40ක් ජාතික බැංකුවලට අයිතියි. කිසිම මුදල් පාලනයක් නෑ.

රාජ්‍ය මුදල් කාරක සභාවක් ඇති කළා, පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය ආරම්භ කරනවා. යම් කිසි මුදල් පාලනයක් ඇතිකරගෙන යන්නේ. ඉදිරි වසර දෙකෙ දී එය සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වසර 2020 වනවිට ණය බර අඩු කරලා, ධනභාවය වැඩිකරගන්න පුළුවන්. මේ ණය ඊළඟ පරම්පරාවට ගෙවන්න දෙන්න බෑ. ඒ පව් අප ගෙවා දමමු. මේ ප්‍රශ්නයට යහපාලනය අත ගැසුවා. අප විසඳුමක් සොයා යනවා යැයි ද අග්‍රමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News