මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශලට තදවැසි

Share

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට අද(17) පස්වරුවේ අධික වර්ෂාවක් පතිත වුණි.

බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය සහ හැටන් යන ප්‍රදේශවලට අද පස්වරු 1.00 සිට පස්වරු 2.30 පමණ වනතෙක් ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු විනාඩි 30 පමණ කාලයක් ඇණ හිට තිබුණි.

ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ලබා බසිනා මස්කෙලිය ඔයේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් තිබුණි.

Read more

Local News