වැස්ස තවදුරටත්

Share

දිවයින ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින තද අකුණු සමඟ වැසි තත්වය තවදුරටත් පවතින ලකුණු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩිතද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News