අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා – ඇමැති ජෝන් අමරතුංග

Share

සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා අමාත්‍යවරයා අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක් වු අතර එහිදී ප්‍රකාශ කළේ,

ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්. අධ්‍යාපනය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයටත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. තිරසාර සංවර්ධනයකට මින් පදනම වැටි තිබෙනවා. අයවැයෙන් සහන ලබා දෙන්නේ නියගය ගංවතුර වැනි තත්ත්වයන්ට රජය මුහුණ දීමෙන් පසුවයි.

ජනතාවගේ ජන ජීවිතය අවුල් වන ආකාරයේ විරෝධතා ව්‍යාපාර කිරිම නරක තත්ත්වයක් දේශීයව සහ ජාත්‍යන්තරව ප්‍රචාරයක් ලබා ගන්නටයි ඔවුන්ට උවමනා. මේ කටයුතු ජාත්‍යන්තරව බලපානවා. අපනයන කටයුතුත් මින් කඩා වැටීමට ඉඩ තිබෙනවා. දේශපාලන බංකොළොත්කාරයින් තමයි මේවා කරන්නේ. පරිසර හිතකාමී යෝජනා කිහිපයක්ම මේ අයවැයට ඉදිරිපත් කර තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමේ අභියෝගය මේ රජයට තිබෙනවා.

Read more

Local News