ගලබොඩ දිය ඇල්ලට බිලි වු සිසුවාගේ සිරුර සොයා ගනී

80

නාවලපිටිය ගලබොඩ දිය ඇල්ලේ දියනාමට ගොස් අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර අද(19) උදැසන 10.30 ට පමණ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් දිය ඇල්ලට පහල ගැඹුරු වලක තිබි ගොඩ ගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ගොඩගනු ලැබුවේ ගම්පොල බෝවල ප්‍රදේශයේ පදිංචි තුෂාර ප්‍රදිප් නැමති 18 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුරයි.

මිය ගිය සිසුවා ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ උසස්පෙළ තාක්ෂණ විෂය හාදාරමින් සිටි සිසුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

ගම්පොල නගරයේ පැවැත්වෙන බාහිර පන්තියකට සහභාගි වන බව නිවසට පවසා සිසුවාගේ පෙම්වතිය සමඟ ගලබොඩ දිය ඇල්ල නැරඹිමට පැමිණ දිය ඇල්ලට පහලින් ගැඹුරු වලක් අසලදි සිසුවාගේ පාවහනක් වලට වැටුනු බවත්, එම පාවහන ගැනිමට ගිය සිසුවා ගැඹුරු වලට වැටි සිසුවා මද දුරක් පිනා යාමෙන් පසු සිසුවා අතුරුදහන් වු බවට මිය ගිය සිසුවාගේ පෙම්වතිය විසින් පොලිසියට පවසා ඇත.

ප්‍රදේශවාසින් පවසන්නේ දිය ඇල්ලට පහලින් ගැඹුරු වලේ දෙදෙනාම දිය නාමින් සිටියදි එකවරම පාසල් සිසුවා අතුරුදහන් වු බවයි.

ඊයේ (18) පස්වරුවේ සිටම අද (19) උදැසන දක්වා ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශාවාසින් විසින් අතුරුදහන්වු සිසුවා සොයා මෙහෙයමුක් දියත් කර තිබුණි.

ගලබොඩ දිය ඇල්ලට පහල ගැඹුරු වලක තිබි සොයාගත් පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා සිරුර නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශවාසින් පවසන්නේ ගලබොඩ දිය ඇල්ල නැරඹිමට එන දෙස් විදෙස් සංචාරකයන්ට පස්භාගේ කොරලය ප්‍රාදේශිය සභාව මගින් ප්‍රවේශපත්‍රයක් නිකුත් කලත් එම සංචාරකයන්ට අවශ්‍යය පහසුකම් හෝ ආරක්ෂිත වැඩ පිලිවෙලක් ප්‍රාදේශිය සභාව මගින් දියත් කර නොමැති බවයි.