වැසි තත්ත්වය ඉදිරි දිනවලදී තාවකාලිකව අඩුවෙයි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි තත්ත්වය ඉදිරි දිනවලදී තාවකාලිකව අඩුවේ යැයි බලාපොරොත්තු වන බවයි.

දිවයින හරහා, විශේෂයෙන්ම මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

දකුණු, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිපයක් ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News