Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංස්කෘතියක් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැලසීම මෙවර අයවැයේ සුවිශේෂී ලක්ෂණයක්

ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංස්කෘතියක් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැලසීම මෙවර අයවැයේ සුවිශේෂී ලක්ෂණයක්

0
ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංස්කෘතියක් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැලසීම මෙවර අයවැයේ සුවිශේෂී ලක්ෂණයක්

විසර්ජන පනත් කෙටුම්පත 2018 (සිව්වැනි වෙන් කළ දිනය) අද (14) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංස්කෘතියක් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැලසීම මෙවර අයවැයේ සුවිශේෂී ලක්ෂණයක් බවයි.

අතීතයට ගැරහීමක් නැතිව, අනාගතය සිහින මවන්නේ නැතිව, යථාර්තව කාරණා මේ අයවැයෙන් ඉදිරිපත්කර තිබෙනවා. විශාල සහන ලබාදෙන්න හැකි වාතාවරණයක් ලෝක ආර්ථිකය තුළ නෑ. සමස්ත ලෝක ආර්ථික වර්ධනය තියෙන්නේ සියයට 2%ක මට්ටමකයි. ගෝලීය වශයෙන් ඉන්ධන මිල අඩු වුණත්, භාණ්ඩ මිලදී ගැනීම අඩුවෙලා. ලෝකයේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙලා.

අද අයවැයක දීර්ගකාලීන දැක්මක් තිබිය යුතුයි, තාවකාලිකව දෙයට වඩා. ව්‍යවසායකත්වය පදනම් වූ ආර්ථිකය ලෝකයේ දියුණු වෙලා තියෙනවා. ණය දීර්ගකාලීන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. රාජ්‍ය ආදායම සියයට 20%ක් නැත්නම් ආර්ථික කළමනාකරණය කරන්න බෑ. පසුගිය වසර දෙකෙ දී සියයට 41%ක වර්ධනයක් සිදු වී තිබෙනවා.

රාජ්‍ය අංශය පමණක් පුළුල් කරල ප්‍රශ්නය විසඳිය හැකියි කියලා ලෝකය පිළිගන්නේ නෑ. අයවැය සුවිශේෂී ලක්ෂණය වන්නේ, ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංස්කෘතියක් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැලසීම. මැලේසියාව,කොරියාව චීනය කියන්නේ ව්‍යවසායකයන් නැංවීම නිසා නැගී සිටි රටවල්. රාජ්‍ය ආදායම වැඩි කරලා, වියදම කළමනාකරණය නොකර බලාපොරොත්තු වන කළමණාකාරීත්වය කරන්න අපහසු වෙනවා. සිංගප්පූරුව වැනි රටක් හුවමාරු ආර්ථිකය තුළ දියුණු වූ අකාරය දෙස බලන්න ඕන. ආර්ථිකය ලිහිල් වුණා කියලා සංස්කෘතිය විනාශ වුණේ නෑ. එහි ආරක්ෂාව විනාශ වුණේ නෑ. රාජ්‍ය ආදායම හා අපනයන ආදායම එකවර යා යුතුයි. ව්‍යවසායකයන් දිරිමත් කරන්න යම් අත්තිවාරමක් මේ අයවැයෙන් දමා තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here