පොදු තැන්වල ගැවසෙන්න එපා

Share

දිවයින තුළ උත්ගතව ඇති තත්ත්වය හේතුවෙන් අද (22) දින රාත්‍රී 8.00 සිට හෙට උදෑසන 4 දක්වා දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

මේ හේතුවෙන් සියලු රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර අන් සියලු දෙනා පොලිස් ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාල සීමාව තුළ මහජන මාර්ගයන්හි, දුම්රිය මාර්ගවල, පිටියක හෝ වෙනත් කිසිදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා ගමන් කිරීම තහනම් කර ඇත.

එවන් ස්ථානයක ගමන් කිරීමට අවශ්‍ය වුවහොත් කවර හෝ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකුගෙන් එම අවශ්‍යතාවය සඳහන් කර ස්ථානාධිපතිවරයා සෑහීමකට පත් වේනම් පමණක් ලිඛිත අවසර පත්‍රයක් නිකුත් කළ හැකිය.

එසේම ගුවන් තොටුපල කරා ගමන් කරන පුද්ගලයන්ට ගුවන් ටිකට්පත ඒ සඳහා භාවිතා කළ හැකි අතර මාධ්‍යවේදීන් සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් නිල හැඳුනුම්පත භාවිතා කළ හැකි බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කර සිටියි.

පොලිස් ඇඳිරි නීතිය ඒ ඒ ස්ථාන වල නිසියාකාරව ක්‍රියාත්මක වන බවට කොට්ඨාශභාර නිලධාරීන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වග බලා ගත යුතු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

Read more

Local News