පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

අද (23) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇත.

ඒ  අනුව අද පස්වරු 1.00 සිට පස්වරු 2.00 දක්වා පාර්ලිමේන්තුව රැස්වී  සාකච්ඡා කිරීමට නියමිත බව කතානායක කාර්යාලය සදහන් කළේය.

එහිදි අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂ නායකවරයාත් රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ සිදුකිරීම නියමිතව තිබේ.

හදිසි නීතියට අදාළ රෙගුලාසී පිළිබදව ඊයේ (22) මධ්‍යම රාත්‍රී නිකුත් වූ ගැසට් පත්‍රය ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබද විවාදය හෙට (24) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකිරීමට නියමිත බව කතානායක කාර්යාලය සදහන් කළේය.

මේ අතර ඊයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල කාර්යාලයේ දී පක්ෂ නායක රැස්වීමක් පැවැත් විය.

එහිදි රට තුළ ඉදිරි ආරක්ෂක තත්ත්වයන් පිළිබදව දැඩි අවධානය යොමුව ඇති අතර මේ අවස්ථාවට පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ද කැඳවා තිබේ.

පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේ පක්ෂ නායක රැස්වීමට කැඳවු පොලිස්පතිවරයා තම දුර්වලතා වක්‍රාකාරයෙන් පිළිගත් බවයි.

ආගමික සහජීවනය ගොඩනැගීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සියලු පක්ෂ නායකයින් එකගතාව පල කළ බව අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පැවසුවේය.

Read more

Local News