අද ජාතික ශෝක දිනයක් – සුදු කොඩියක් ඔසවා තබන්න

Share

අද (23) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම්වලින් මියගිය දේශීය සහ විදේශීය පුද්ගලයින් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ජාතික ශෝක දිනය ප්‍රකාශයට පත් කර ඇත.

අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ මීට අදාළ චක‍්‍රලේඛ ඊයේ(22) නිකුත් කෙරෙනු බවයි.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එමෙන්ම කාර්යාල ආරම්භයේදී උදෑසන 8.30 සිට 8.33 දක්වා විනාඩි තුනක කාලයක නිශ්ශබ්දතාවක් පවත්වා මියගිය පුද්ගලයින් සිහිපත් කළ යුතු බව ද රජය ජනතාවට දැනුම් දෙයි.

Read more

Local News