අකුණු සැර වැදී පියා හා පුතා මරුට

Share

පිටිගල – අංකටුවිල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිටිගල, වැයිහේන ප්‍රදේශයේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට අකුණු සැර වැදී මෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමේදි එම දෙදෙනා මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙයේ මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වන පියා හා අවුරුදු 29ක් වන ඔහුගේ පුතා වෙයි.

Read more

Local News