පසුගිය 21 වැනි ඉරිදා දිවයිනේ ප්‍රදේශ කීපයක සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පිළිතුරු දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් සූදානම් විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පවසයි.
ඔහු මේ බව පැවැසුවේ කොළඹ අද කැඳවා තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
පසුගිය දා දිවයිනේ ප්‍රදේශ කීපයක සිදුවූ පිපිරීම් පිටුපස මෙරට දේශපාලන හස්තයක් ඇති බව පැවැසූ අරවින්ද මහතා ප්‍රහාර සම්බන්ධයෙන් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.
ප්‍රහාරයට සම්බන්ධ තවත් පිරිසකගේ නම්ද තමන් සතුව ඇති බව පැවැසූ හෙතම ඒවා ඉදිරියේදී හෙළි කරන බවද පැවැසීය.




 
                                    