චීන කෘත්‍රිම බුද්ධි සමාගම්වලට සම්බාධක පැනවීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය

Share

චීන කෘත්‍රිම බුද්ධි සමාගම් විමර්ශනය කර සම්බාධක පැනවීමේ ඇමරිකාවේ ප්‍රකාශය පිළිබඳව චීන වාණිජ අමාත්‍යාංශය චීනයේ ප්‍රතිචාරය දක්වා ඇත.
විද්‍යා තාක්ෂණ හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමේ ඇමරිකාවේ ක්‍රියාවන්ට චීනය සැම විටම විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා මාධ්‍ය හමු‍වකදී පැවසීය. චීන සමාගම් “ඇමරිකානු බුද්ධිමය දේපළ සොරකම් කරන” බවට චෝදනා කර සම්බාධක පනවන බව පවසමින් ඇමරිකාව සිදු කරන තර්ජන චීනය හෙළා දකී.චීනයේ අවශ්‍යතාවලට හානි කරන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව චීනය අවශ්‍ය සියලු පියවර ගනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

Read more

Local News