ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් රිමාන්ඩ්

Share

පුද්ගලයකු පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් අද (23)  පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී (පොදු ජන පෙරමුණ) රදික සංජීව මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාර ගත කොට ඇත.

පුත්තලම මුලස්ථාන පොලීසිය මඟින් (23) දින අත් අඩංගුවට ගත් මන්ත්‍රී රදික සංජීව පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 2 දින දක්වා දින දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

පසුගිය 18 දින සැකකාර මන්ත්‍රීවරයා විසින් පුත්තලම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරයකුගේ රියදුරකු බව කියන අයකු පැහැර ගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පුත්තලම මුලස්ථාන පොලීසිය කටයුතු කර තිබුණි.

අදාල මන්ත්‍රීවරයාගේ පහර කෑමට ලක්වු බව කියන තැනැත්තා පුත්තලම මුලික රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් සිද්ධියට සම්බන්ධ සැකකාර මන්ත්‍රීවරයා පුත්තලම මුලික රෝහලට ඇතුලත්ව සිටියදී පුත්තලම මුලස්ථාන පොලීසියේ පොලිස් කණ්ඩායමක් විසින් අද (23) දහවල් අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණි.

සිදුවීම සම්බන්ධව මේ වන විට පුත්තලම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News