පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Share

අද(24) පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්විමට නියමිතයි.

එහිදී පසුගිය දිනවල සිදූ වූ සිද්ධින් පිළිබඳ විවාදයක් පැවැත්වෙන බව මහින්ද අමරවීර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කථානායක කරු ජයසුරිය මහතා ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ(23) පස්වරු 1.00 ආරම්භ විය.

පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ප්‍රහාරයන්ගෙන් මිය ගිය පිරිස වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්ද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට පෙර සිදු කළේය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ශ්‍රි ලංකාව ගොලීය ත්‍රස්තවාදයට ඇතුළු වී අවසන් බවයි.

එහිදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව ඇමතු අතර එහිදි ඔහු පැවසුවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රජය වගකීම ගත යුතු බවයි.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සභාව ඇමතීමෙන් පසු  අද පෙරවරු 10.30 දක්වා පාර්ලිමෙන්තුව කල් තැබුවේය.

Read more

Local News