ලංකාවේ සංචාරය කරන්න එපා – චීන රජය

Share

පවතින වාතාවරණය හමුවේ මෙරට සංචාරය කිරීමෙන් වලකින ලෙස චීන රජය එරට ජනතාවට දැනුම් දි තිබේ.

ශ්‍රී ලංකාව තුළ පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනයක නිරත වන අතර පවතින වාතාවරණය සමතයකට පත්වන තෙක් මෙරට සංචාරය කිරීමෙන් වලකින ලෙස දැනුම්දී ඇති බව සඳහන්ය.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ගෙන්ග් ෂුඅන්ග් මේ බව සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වූ ප්‍රහාරවලින් චීන ජාතිකයෙකු මියගොස් ඇති අතර තවත් 05 දෙනෙකු අතුරුදන්ව සිටින බව ඔහු සදහන් කර ඇති බව වාතර්තා වෙයි.

එමෙන්ම තවත් චීන ජාතිකයින් 05 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදොනකු බරපතල තත්ත්වයේ පසුවන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සාමය හා ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට වෙනුවෙන් අඛණ්ඩව සහය ලබාදෙන බවයි.

Read more

Local News