සියලු කථිකයින්ට සවන් දෙන්න – කථානයකගෙන් නිවේදනයක්

Share

පාර්ලිමේන්තුවේ අද (24) පැවැත්වෙන විවාදය ඉතා ජාතික වැදගත්කමින් යුත් විවාදයක් බැවින් බාධාවකින් තොරව සියළුම කථිකයින්ට පාර්ලිමේන්තුව තුළ සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලා කතානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේතුවේ සියළු දෙනා දැනුවත් කර ඇත.

එකිනෙකාට චෝදනා කරගන්නවා වෙනුවට ඵලදායී විවාදයක් ගෙන යාමට මන්ත්‍රීතුමන්ලාගේ සහයෝගය බලාපොරොත්තු වන අතර මුළු රටම මෙම විවාදය නරඹන බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් ‍වු කරුණු පහත දක්වා ඇත,

“පසුගිය සතියේ සිදුවූ අවාසනාවන්ත සහ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් පැහැදිළි වනුයේ අපගේ මාතෘභූමියට දැන් අවශ්‍යව ඇත්තේ භෞමික ආවේක්ෂණයේ සහ දේශ සීමා කළමනාකරණයේ විශිෂ්ඨත්වය අරමුණු කරගත්, අපගේ සියලු පුරවැසියන්ගේ මූලික නිදහස සහතික කරමින්, විචක්ෂණශීලී බුද්ධි තොරතුරු රැස්කිරීම, නීතිය සහ සාමය පවත්වාගැනීම සහ නීතිය බලාත්මක කිරීමේ යටිතල පහසුකම් මගින් සහතික කරනු ලබන්නා වූ ජාතික සමාජ ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් බවයි.

එවැනි ප්‍රයත්න, නීතියේ ආධිපත්‍යයට සහ අපගේ සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සහතික කර කරනු ලබන සාමකාමී, සමෘද්ධිමත් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් බවට පත්වීමේ අපගේ ජාතික අභිලාෂයට සහයෝගය දැක්විය හැකි කලාපයේ සහ ඉන් පිටත මිත්‍රශීලී ජාතීන් සමග උපායමාර්ගික සහයෝගිතා ජාලයක් මත පදනම් කරගත හැක්කේය.

සියලුම ප්‍රජාවන්ට සහ  සියලුම පුරවැසියන්ට එක සමාන ලෙස සමාජ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කර දීමේ අරමුණින්  , අපගේ ජාතියෙහි වර්තමාන හා අතීත තුවාල සුව  සුවකිරිම සඳහා වන  අපගේ ප්‍රයත්නය දෙගුණ කිරීම සඳහා අපගේ ජාතියට කාලය එළැඹ ඇත.

මෙම කාර්යය ඉටු කිරීම සඳහා , ආර්ථික සංවර්ධනය හා ආරක්ෂාව හා සම්බන්ධ ජාතික අභිලාෂයන් පිළිබඳ ගැටලුවලදී  සියලුම  දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන,  ගැටුම් සහ බෙදීම් පසෙක තබමින්, අවබෝධය සහ  සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින් අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු වේ.

විමසිලිමත්භාවය සහ එක්සත් භාවය ඇතිකර ගන්නා ලෙසත්,  අපගේ සමගිය තුළින් වර්තමාන අභියෝග අනාගත ජයග්‍රහණය සඳහා මාවතක් කර ගන්නා ලෙසත් මේ රටේ සියලුම පුරවැසියන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ආයාචනය කරමි.”

Read more

Local News